නවතම ලිපි

All
අදහස්
කෙටිකතා
සංවා​ද
විචාර
සංගීත​ය
සිනෙමා
දෘශ්‍ය කලා
සාහිත්‍ය
ඩිජිටල් තීරු
කොෆීමය සිතුවිලි මන් ඇත්තටම ලියන්නේ ඇයි? ඒක මන් මගෙන්ම අහන ප්‍රශ්නයක්. එක එක වෙලාවට මට එක එක හේතු තිබුනා ලියන්න. මුලින් මට තිබුනේ හිතේ තිබුන අනන්තවත් හැඟීම් එළියට ගන්න උවමනාවක්. ඒකත් කාටවත් නොපෙනෙන්න. පස්සේ මම ලිව්වා ආසාවට. මන් ලියන ඒවා කියවන අය ඉද්දී, ඒවා අගය කරන, තව තව ලියනවට කැමති අය ඉද්දි, ලියවිල්ල මට එක්තරා ආස්වාදයක් උනා. මන් ලිව්වා සල්ලි හොයන්නත්. අමතරව අතට ගානක් ගන්න, ඒකෙන් කොෆී එකක්, සිගරට් එකක් බියර් එකක් ගන්න, එක එක අරුමෝසම් බඩු ගන්න සල්ලි හොයන්න මන් ලිව්වා. ඒ වගේම මන් ලිව්වා මාව හොයන්න. ලිවීම මාව නිරුවත් කරන බව ඇත්ත. නිරුවත් වෙන්නත් මන් ලිව්වා. දැන් මන් ගොඩක්ම ලියන්නේ මගෙ ඇතුළාන්තය එළියට ගන්න. ඒකෙන් සහනයක් ගන්න. මගෙ අතීතෙ හාරා අවුස්සන්න. පරණ තුවාල අලුත් කරගන්න. වැහුණු යටගිය තුවාල පාරලා ලේ ගලන්න දෙන්න. ඒත් ඒක අවශ්‍යයෙන්ම සුවපත් වෙන ලියවිල්ලක් නෙවෙයි. ඒක මන් දැන් හොඳටම දන්නවා. මන් ඔයා ගැන ලියන්න ලියන්න, මන් ඔයාව වැඩිපුර හොයන්න ගත්තා. මට ඔයාව හැමතැනම පෙනෙන්න ගත්තා. හිතනවා තරම් ආස්වාදයක් ඒකෙ නැතිබව මට පේන්න ගත්තා. නිරුවත් වීම ප්‍රශ්නයක් නෙවෙයි. ඒත් නොනවත්වා ලේ ගලන තුවාල මාව නිරන්තර වේදනාවෙන් පිරෙව්වා. හිතුවා වගේ ඒ වේදනාවට මන් තවමත් ලෑස්ති නැති වග මට තේරුනා. මන් තාමත් ලියනවා. ඒත් මන් ලියන්නේ ඇයි?? ආයෙ ආයෙම ඒ ප්‍රශ්නෙ මා ගාව ඉතිරි උනා. සමහරවිට ඒ ප්‍රශ්නෙට උත්තරේ මට කවදාවත් හම්බෙන එකක් නෑ. ඒත් මේ ලියවිල්ල පුරාවට සමහරක් ප්‍රශ්න වලට උත්තර මට හම්බෙනවා. පාරලා කොණහන අතීත තුවාල වලට දාගන්න බෙහෙත් නැත්තම්, තුවාල පෑරිල්ල එච්චර හොඳ නැති බව දැන් මන් දන්නවා. ගලන ලේ පාරවල් පිහාගන්න නෙවෙයි නවත්තගන්නම විදිහක් නැතුව ලේ ගලන තුවාල එක්ක මේ එදිනෙදා ජීවිතය අමාරු බව මන් දැන් දන්නවා. සල්ලි කොච්චර ඕනෙ උනත් සල්ලි වෙනුවෙන් ලියන්න අමාරු බවත් මන් දැන් දන්නවා. හැමදාම වගේ, ලියන්න නම් මට එක්තරා අමුතු අවුළුවාලීමක් ඕනෙ වෙනවා. හදිසියේ ඔලුවට උඩින් පත්තුවෙන ලයිට් එකක් වගේ හිතුවිල්ලක් ඕනෙ වෙනවා. ඒ ඇවිලීම, උත්කර්ෂය, ඒ ආලෝකය අරන් එන පරිසරයක්, ජීවියෙක්, පැවැත්මක් මට ඕනෙ. ඔය මොකක්වත් නැතුව ලිවීම ලොකුවට අමාරු නොවුනත්, ඒ ලියවිලි වල හදවතේ කෑල්ලක් අලවගන්න මට බැරිවෙන්න පුළුවන්. එහෙම ලිව්වාම ඒ ලියවිල්ලට පවතින්න ආත්මයක් නැතිවේවි. ඒ පැවැත්මේ වැදගැම්මක් නැතිවේවි. ඒත් මට ලියන්න පුළුවන්. ඒත් මම ලියන්නේ ඇයි? කිව්වා වගේ හැමදාම ඒ ප්‍රශ්නේ මට ඉතිරි වේවි. ගොඩක් වෙලාවට ලියන්න මන් කොෆී හෙව්වා, සිගරට් බිව්වා. කොෆී එකක් බොන්න, දුමක් දාන්න, ලිවීම මන් හේතුවක් කරගත්තා කියන්නත් පුළුවන්. පාරලා ලියන ලියවිලිවලට උණුහුම් සනීප රසයක් ගේන්න කොෆී වලටත් අලු පාට දුම ටිකකටත් පුළුවන්. හුදකලාවේ ඉඳන් ලියනකොට තනි රකින්න උණු කොෆී එකකට පුළුවන්. දවසින් දවස අලුත් කොෆී වර්ග ට්‍රයි කරද්දී මගේ ලාවට වික්‍රමාන්විත ජීවිතයට පොඩි බුක්මාක් එකක් වැටෙන එකට මන් කැමතියි. ඔහේ ගලායනවා කියලා හිතෙන ජීවිතයට කොෆී එකකින් එකතු වෙන පොඩි උණුහුම් ගැස්මත්, දුම් වළල්ලක අලු පාටටත් මාව යාන්තමින් ජීවත් කරවන්න පුළුවන්. අවසානයේ ලියවිල්ලට තිත තියන්න කලින් රසවිඳින ඇල්මැරුණු කොෆී අඩියේ තියෙන අවසානකාරක රසයටත් මන් කැමතියි. මන් හිතන්නේ ජීවිතය ගැන මට කොෆීමය හැඟීමක් දැනෙමින් තියෙනවා. කොෆී තිත්තයි. ඒත් ජීවිතය තිත්ත නම් කොෆී හරි මිහිරියි. ඩාක් චොක්ලට්, සිගරට්, වයින්, බියර්, ... මේ ඔක්කොම එක අතකට තිත්තයි. ඒත් මගෙ ජීවිතයට වඩා නම් මිහිරියි. ජීවිතයකට රසක් එක්කරගන්න චුට්ටක් අමාරුයි. ඒත් කොෆී එක්කට කැරමල්, චොකලට් සිරප් නැත්තන් ස්වීට්නර් එකක්, පෙණ-කිරි ටිකක්, බියර් එක්ක හනී රෝස්ට‍ර්ඩ් පීනට් ටිකක්, දුමක් එක්ක චොක්ලට් පෙත්තක් එකතු කරගන්න ඊට වඩා ලේසියි. කොෆී උගුරකට, චොක්ලට් පෙත්තකට ජීවිතේ ගැස්මක් ඇතිකරන්න පුළුවන් වීම හරි විස්මිතයි. මිනිස්සුන්ට වඩා මේ සමහර දේවල් මගෙ ජීවිතේට ලඟත් ඒකයි. අත්‍යාවශ්‍ය වෙන්නෙත් ඒකයි. එළියෙන් ඉන්න ඔයාට ඒක නොතේරුනාට මට කමක් නැත්තෙත් ඒකයි. නමුත් මගෙ ඇල්මැරුණු ජීවිතේට ඉඳහිටක එකතු කරගන්න මේ චූටි මොහොතවල් මගෙන් ඈත්කරන්න උත්සාහ නොගන්නවා නම් හොඳයි. රෑ තිස්සේ හදන් බොන ඉවරයක් නැති කොෆී, තේ ගානක, උණුසුම් වැළඳගැනීමක ගැස්ම මට දැනෙනවා. දුම් උගුරක් දෙකක් හදවත වසා පවතින රස්නෙ හාදුවක බරත් ගැස්මත් එකවර ගේනවා. කවියක් දෙකක් තනියෙන්ම කියෙව්ව දාක මීවිතක මිහිර මන් විඳිනවා. හැමදාම බීලා සැර බාලවුනු නිදිපෙත්ත අන්න එතකොට පණගහනවා! සුපුරුදු විදිහට මේ ලියවිල්ලත් කොෆී එකත් ඉවර වෙනකොට එදිනෙදා ජීවිතයේ රශ් එක මට ලාවට දැනෙන්න ගන්නවා. අද සිලෙක්ශන් එක ස්පැනිශ් ලතේ. පෙයාර්ඩ් විත් ටූ මැන්චා රෙඩ්ස්. එහෙනම් අදට එච්චරයි. ඊළඟ සතියේ ට්‍රයි කරන්නත් ඔප්ශන්ස් නම් කීපයක් තියෙනවා. ඔය කෝයික කරන්නත් ගානක් හොයාගන්න ඕනෙ බව පසුම්බිය මතක් කරනවා. ඒත් දැන් අර්බුදය ඒක නෙවෙයි. රිම් එකට සෙනඟ පිරුණු හැටන් බස් එකක් අල්ලගන්න දැන් ඉතින් මට දුවන්න වෙනවා. අමතක නොකර මගෙ අලුපාට හිත මන් කොහොමත් කරේ තියාගන්නවා. අලුත් කොෆී සිලෙක්ශන් එකකින් ඊළඟ සතියේ අලුපාට සිතුවිල්ල රසකරගන්න බලාපොරොත්තුවක් එක්ක මෙච්චර වෙලා දුරින් විතරක් දැක්ක උඩපාරේ කලබලකාරී සෙනඟ ගොඩට තව ටිකකින් මන් අඩිය තියනවා. මගේ නොවෙන ඒත් මගේ වගේම අලුපාට පාටවල් ගොඩක් ඒ සෙනඟ අතරෙත් ඉන්න බව මන් දන්නවා.

කොෆීමය සිතුවිලි

මන් ඇත්තටම ලියන්නේ ඇයි? ඒක මන් මගෙන්ම අහන ප්‍රශ්නයක්. එක එක වෙලාවට මට එක එක හේතු තිබුනා ලියන්න. මුලින් මට තිබුනේ හිතේ තිබුන අනන්තවත් හැඟීම් එළියට ගන්න උවමනාවක්. ඒකත් කාටවත් නොපෙනෙන්න. පස්සේ මම ලිව්වා ආසාවට. මන් ලියන ඒවා කියවන අය ඉද්දී, ඒවා අගය කරන, තව තව ලියනවට කැමති අය ඉද්දි, ලියවිල්ල මට එක්තරා ආස්වාදයක් උනා....
"තනිකමට තනිරකින ජීවිතය සරසන්න මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න" -මල් සුවඳ- දුටුවාද මේ විසල් අහස් තලය? මොහොතක් පාසා අහසට එක්වන වලාවන්, ඉපිද කොහේදෝ ඈතකට පාව යයි. තවත් තවත් නැවුම් වලාවන් අහස් කුසට එක්වෙයි. ජීවිතය ද මෙවැනිම වූවක් බව පසක් වන්නේ එවිටය. මේ ජීවිතයට එක් එක් පරිච්ඡේදයන්හි නොයෙකුත් බැඳීම් ඔස්සේ එකතු වන නෑදෑකම් සහ හිතවත්කම් බොහෝමය. ඒ තුළින් ජීවිතයේ පසුවදනට පෙරගමන් සලසමින් ඒ බැඳීම් සියල්ලේම මතක කවි හදවතේ ගැබ්ව ඇත. ඒවායේ ඇති ආත්ම ප්‍රකාශනයන් එමටය. මේ සියල්ලට එහායින්, දකින ස්වප්නයක මෙන් වචනයෙන් කිව නොහැකි, දැනීම් පමණක්ම වන, නොපැහැදිලි හදවත් බන්ධනයන්ට නමක් දීමට හැකිද? හැකි නම් මේ අලුත් නෑකමට නමක් දී යන්න... හැඟීම් කියන්නෙම සියුම් වින්දනීය අංශු වල එකතුවක් වැනිය. ඇතැම් හැඟීම් අප්‍රකාශිතව කොහේ හෝ සැඟවී තියෙන තාක් එය අපූර්වය. ඇතැම් හැඟීම් නම් හැඟීම් පමණය. එතැනින් එහාට ඒවායේ වචන වල ගනුදෙනුවක් නැත. ඉතින්, මේ "අලුත් නෑකම" එහෙමත් නැත්නම් "මල් සුවඳ" ගීතය ද එවැන්නකි. වචන වලට සීමා කළ නොහැකි අමුතුම තාලයේ අමුර්තමය සුන්දරත්වයක් එහි ආලේප කර ඇත. එහි ජීවය මැවූ නිමැවුම්කරු හර්ෂණ දිසානයකයන් ය. හදවත් නිවීමේ අපූර්ව හැකියාවක් ඇති හඬක් ඔහුට හිමිය. එසේම ඔහුගේම සංගීත රටාවන්ට, දිස්නා සමරසිංහගේ අපූර්ව පද රචනය මුසු වී මෙම ගීතය තුළින් ආස්වාදාත්මක වින්දනයක් ලබා දීමට සමත් වී ඇත. "මල් සුවඳ තටු සලන මග දිගේ ඇවිදින්න පින්න පිරිමැද මැවෙන ඉරි රටා විඳගන්න මැකී වෙනතක ඇදුනු පා ලකුණු අහුලන්න හිරුට පෙම්බැඳ සරණ කාලයට සමුදෙන්න" මල් වියන් බැඳි මඟක ඉහිරුණු මල් සුවඳ මැද නුඹ සමඟ ඇවිදන් යන්නට, පින්න වැටී මැවෙනා සොඳුරුතම රටාවන් රිසි සේ විඳගන්නට තිබූ ඒ කාලයට දැන් හමාරය. ඒ මඟෙහිම වෙනතක ඇදුණු පා සලකුණු ඇහිදිමින්, හිරුට බැඳි පෙමත් සමඟින්, ගෙවුණු ඒ පරිච්ඡේදයට හදවතින් සමුදීමට සිදුව ඇත. මෙම ගීතය තුළ ස්වභාවික පරිසරයේ සංසිද්ධි එකට කැටි කර ගනිමින් පද රචනය සරසා තිබීම ඉතාමත් අගනේය. මෙහි එන "මල් සුවඳ තටු සලන" ගේය කොටස ගීයට නිර්මාණාත්මක සුන්දරත්වයක් එක් කරයි. "දුර පෙනෙන දුර ගමන ලඟින් ඇවිදන් යන්න පුරුදු අතැඟිලි තුඩක නුහුරු ලෙස දැවටෙන්න ඉකිබිඳින කඳුළු සිත සෙමෙන් ගෙන සිපගන්න පුංචි කවි පේළියක මදක් නැවතී ඉන්න" ඈත දුරකට යනෙන මේ දුර ගමන නුඹේ අසලින් ඇවිදන් යන්නට, පුරුදු නුඹේ අතැඟිලි අතර නුහුරු ලෙස දැවටෙන්නට, නුඹේ ඔය ඉකිබිඳින සිත පරිස්සමින් සිප වැළඳ ගන්නට, හැකි නම් පුංචි කවි පේළියක මදක් නැවතී යනවා ද? කවදත් හුරුපුරුදු නුඹ වෙනුවෙන් නුපුරුදු හැඟීම් ගොන්නක් හදවත තුළ රැඳී තිබේ. මෙය මිත්‍රත්වයත් ආදරයත් අතර දෝලනය වන හිතවත්කමක සොඳුරුතම සුන්දරත්වය මූර්තිමත් කරයි. "අතීතය අතවනන සිහිනයේ නැලැවෙන්න හැඩට රවුමට යසට සිනහවක් ගළපන්නට් තනිකමට තනිරකින ජීවිතය සරසන්න මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න" හරි හැටි වචන කර ගත නොහැකිව ඇතත් හදවතේ නුඹ නමින් ඇති ඒ හැඟීමට මම තවමත් වචන අහුලමින් සිටිමි. ගෙවුණු අතීතේ සේයා රූ මැවෙන සිනා කැල්මන් රැඳි හීනයක සැනසෙමින් නැළවෙන්නට, නුඹ එක්ක ගෙවු මතක විඳගන්නට, හැඩට හරි ලස්සනට සිනාවන් ගළපන්නට, මගේ මේ තනිකමට තනි රකින ජීවිතය සෙනෙහසේ දෑතින් සරසන්න, නුඹ ගෙනා මේ අලුත් නෑකමට හැකි නම් නමක් අරගෙන එනවාද? මා දන්නේ මෙපමණකි. අදටත් නමක් සොයාගත නොහැකි වූ මගේ ජීවිතේ පිවිතුරුම හිතවත්කම නුඹ ය. බැඳීම් අතර අතරමං නොවී එහි පිවිතුරු බව වටහා ගන්නට උත්සාහ කරන හදවත් වලට මේ "අලුත් නෑකම" ගීතය හුරුපුරුදු ස්වර ආමන්ත්‍රණයක් වන බව නිසැකය. හදවත් සහ හැඟීම් යනු කෙතරම් නම් පරිස්සමින් ගනුදෙනු කළ යුතු ඉතා සියුම් දේවල් ද යන වග මේ තුළින් පසක් වේ. පද රචනයත්, සංගීතයත් සහ නිවුණු හඬ රටාවන් ද එක්කාසු වී නිමැවුණු මෙම ගීතයේ ඇති ආස්වාදාත්මක වින්දනය සහ නිවීම තුළ හදවතේ කැකෑරෙන ඒ සියුම් සිතුවිලි අංශු මාත්‍රයන් ඉතාමත් දයාබරිතව සෙනෙහසින් පිරිමදියි. -නවෝද්‍යා ධනංජනී-

“තනිකමට තනිරකින ජීවිතය සරසන්න මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න” -මල් සුවඳ-

“තනිකමට තනිරකින ජීවිතය සරසන්න මේ අලුත් නෑකමට නමක් අරගෙන එන්න” -මල් සුවඳ- දුටුවාද මේ විසල් අහස් තලය? මොහොතක් පාසා අහසට එක්වන වලාවන්, ඉපිද කොහේදෝ ඈතකට පාව යයි. තවත් තවත් නැවුම් වලාවන් අහස් කුසට එක්වෙයි. ජීවිතය ද මෙවැනිම වූවක් බව පසක් වන්නේ එවිටය. මේ ජීවිතයට එක් එක් පරිච්ඡේදයන්හි නොයෙකුත් බැඳීම් ඔස්සේ එකතු වන නෑදෑකම් සහ හිතවත්කම්...

ඒ රහස් කවුළුව

කිසිම ගැලපීමක්, අදාලත්වයක් නැති නමුත් කිසිම හෝ මොහොතක දැක තිබේයැයි හැඟෙන හීන ගොන්නක් මම දකිමින් සිටිමි. ජීවිතයේ කොයියම්ම හෝ දිනයක ජීවත් වුණු මොහොතවල් යයි හැඟෙන තරමට ඒ දසුන් හිතට ළඟ බවක් දැනුනද එය කිසිසේත්ම තාත්වික නොවන බවද දනිමි. මන්දයත්, ඒ සිහිනවල සිටින ඒ මා, මා නොවන බැවිනි. නොයෙක් පැහැයෙන් අනේක පසුබිම්වල හුරුපුරුදු ඒත් කිසිදා නොදුටු...
"ප්‍රේමයට කවි ලියා කුමටද" සෙනෙහසේ දොර වැසේ නම්...! ප්‍රේමයේ වසන්තයත් විරහවේ ගිම්හානයත් ස්වසන්තානයේ රඳවා ගෙන, මහා සාගරය සේ ගැඹුරක් දරන ජීවිත කතා කොතෙක් නම් මේ මහ පොළොව මත ඇත්ද? ඉන් ඇතැම් ඒවා ප්‍රේමයේ සුවයත් ඇතැම් ඒවා විරහවේ සුසුමත් එක ලෙස විඳින්නට සලස්වයි. එහි ඇති සෞන්දර්යය සොයා ගත්තවුන් පමණක් ඒ තුළ ඇති ගැඹුරු බව වටහා ගනියි. ගීතය සහ ප්‍රේමය අතර ඇති සංකලනයන් වර්තමානය සේම මතුවටත් අපූර්ව නිර්මාණ බිහි කිරීමට හේතු සාධක වනු ඇත. ඉතින්, එවන් වූ සෙනෙහසක් රැඳි ස්වර දැහැනකින් නිම වුණු, "ප්‍රේමයට කවි ලියා කුමටද?" ගීතය ජීවිතයට ප්‍රේමය නමින් එකතු වන අත්දැකීම් වලට ගැඹුරු සිරියාවක් එක් කරයි. මෙම ගීතය ප්‍රභාෂා නෙත්මිගේ සුමියුරු හඬින්, සමිද්ධ ආර්යසිංහගේ අර්ථාන්විත සහ සුගැඹුරු පද රචනයෙන් සහ දර්ශන වික්‍රමතුංගයන්ගේ සංගීතයෙන් නිර්මාණය වූවකි. ප්‍රේමයට කවි ලියා කුමටද සෙනෙහසේ දොර වැසේ නම් රෑට අහසේ තාරුකා ඇයි අපේ ඇස් මඟහැරේ නම් ප්‍රේමය උදෙසා සෙනෙහසින් ගෙත්තම් කළ කවි බොහෝමය. ජීවිතේ චාරිකාව අතරතුර හදවත විවර කළ ස්නේහයේ දොරටු වැසේ නම් තවත් ප්‍රේමය උදෙසා කවි ලිවීමේ ඵලය කුමක්ද? ප්‍රේමයේ ආලෝකයෙන් දිලිසුණු අපේ දෑස් එකිනෙකාට මඟ හැරී ඇත්නම් මේ මැදියම් රැය පුරා නිවෙන දැල්වෙන තාරුකා එළි කුමට ද? මේ වචන සියල්ලගේම ගැබ් ව ඇත්තේ වේදනාත්මක සෞන්දර්යයකි. හිත රිදී නොරිදී යන ආකාරයෙන් වචන ගළපා තිබීම අපූර්වය. දෙතොලෙ නාදළු පැහැය කුමටද වතට සිනහව නොදේ නම් ළමැද ගෝමර පිපෙන්නේ ඇයි ගතින් දෙතැනක සිටී නම් මුවට සිනහව නොදේ නම් ඒ දොතොල් රත් පැහැ දිස්නෙ තිබී කුමටද? හදවතට ළං වී හිඳිනු බැරි නම් ඇයි ද මෙතරම් සුන්දර දේවල් මැවූයේ. විඳින්නට නොහැකි නම් ඇයි ද මේ හැඟීම් මෙතරම් සුන්දර? ගතින් දෙතැනක සිටින්නට නම් නුඹේ ළමැදේ ගෝමර පිපෙන්නේ ඇයි ද? කිසිදිනෙක ඔවුනොවුනට විඳින්නට නොහැකි ඒ සුන්දරම මොහොතවල් එකිනෙකින් ගළපා හදවතින් ප්‍රශ්න කරන්නේ විරහව තුළ ඇති ශාන්ත සුන්දරත්වයත් ගැඹුරු වේදනාවත් එකට මුසු කරමිනි. වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුව එදා ඉන්නකම් සෙනෙහස සෙවූ අපි කවියන්ට හමු නොවේවා නුඹ එක්ක ගෙවුණු හෝරාවන් පුරා වෙලේ නියරේ ඇලේ ඉවුරේ කෙළිදෙලෙන් උමතුවෙන් මෙන් එදා සෙනෙහස සෙවූ අපි, අමතකව ගිය සිහිනයක් වැනිය. අපේ ප්‍රේමයත්, අපිවත් කිසිදාක කවියන්ට නම් හමු නොවිය යුතුය. එසේ කියන්නේ, අප සියොලඟම ප්‍රේමය නමින් සඟවා ගත් සියලු සිතුවිලි සහ මොහොතවල් ගැඹුරු කවියක් වන බව නිසැකයෙන් දන්නා නිසාවෙනි. අයිතියක් නැති සෙනෙහසක සෞන්දර්යය සොයා යන්නට සහ ප්‍රේමය නමින් හදවතේ ගෙත්තම් වන සිතුවිලි අතරේ හද පාරනා කාරණාවන් ද ඇති නමුත් ජීවිතයට මුසුවන ඒ දුක් දොම්නස් දෙස උපේක්ෂාවෙන් බලන්නට මෙම ගීතය සහෘද සැමට ඉඩ හසර සදා දී ඇත. ගීතයේ හඬ, වචන සහ සංගීත රටාවන් සියල්ල හදවතේ සියුම් තැන් ස්පර්ශ කරමින් ආස්වාදයක් ලබා දෙන අතරම මෙවන් නිවුණු සෞම්‍ය ගණයේ ගීතයන් ඉදිරියටත් ප්‍රේමය නමින් ලියැවීම සහ නිමැවීම සිදු විය යුත්තක් බව කිව යුතුය. ඉතින්, මෙය අයිතියක් කියනු නොහැකි වූ නමුත් අසීමිත ප්‍රේමයක් සිතෙහි දරා ගෙන කවියක් වී ගිය ප්‍රේමයන්ට ගී මල් කළඹක් වේවා! -නවෝද්‍යා ධනංජනී-

“ප්‍රේමයට කවි ලියා කුමටද” සෙනෙහසේ දොර වැසේ නම්…! 

ප්‍රේමයේ වසන්තයත් විරහවේ ගිම්හානයත් ස්වසන්තානයේ රඳවා ගෙන, මහා සාගරය සේ ගැඹුරක් දරන ජීවිත කතා කොතෙක් නම් මේ මහ පොළොව මත ඇත්ද? ඉන් ඇතැම් ඒවා ප්‍රේමයේ සුවයත් ඇතැම් ඒවා විරහවේ සුසුමත් එක ලෙස විඳින්නට සලස්වයි. එහි ඇති සෞන්දර්යය සොයා ගත්තවුන් පමණක් ඒ තුළ ඇති ගැඹුරු බව වටහා ගනියි.   ගීතය සහ ප්‍රේමය අතර ඇති සංකලනයන් වර්තමානය...
Back To Top